මනෝප්‍රිය ගුණසේකර
පසුගිය ජනපතිවරණ සමයේ ශ්‍රී ලංකා වරාය නීතිගත සංස්ථාවේ රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයක් අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටින හිටපු වරාය හා ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න හා ධීවර සංස්ථාවේ හිටපු සභාපති ලියනගේ ඇතුළු 6 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා පත්‍ර බාර දීමෙන් පසු ඔවුනට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 25,000 බැගින් මුදල් ඇප ද ලක්ෂ පහ බැගින් වු ශරීර ඇපයක් නියම කළේය.