
(සුජිත් හේවාජුලිගේ)
බහාලුම් 323ක් භෞතික පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඔහුගෙන් අනිද්දා (11) දිනයේ නැවතත් ප්‍රශ්න කිරීමට නියමිතය.
ඒ මොහොතේ පැවති කන්ටේනර් තදබදය වැළැක්වීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ බව නෝනිස් මහතා එම කමිටුව හමුවේ
ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
කන්ටේනර් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වර්තමාන රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතාගෙන්ද වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයන්ගෙන්ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් පසුගිය දිනවල ප්‍රශ්න කර කෙරිණ
මේ අතර කන්ටේනර් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශේෂ කමිටුවේ නියෝජිතයන්ගෙන්ද ඉදිරි දිනවල ප්‍රශ්න කිරීමට නියමිතය.
මෙම කන්ටේනර් නැති පිට කිරීමේ සිද්ධිය සිදුවී තිබුණේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය.
මුදා හැරුණු මෙම කන්ටේනර් අතරේ රතු ලේබල් සහිත කන්ටේනර්ද තිබුණු බවට රේගු වෘත්තිය සමිති චෝදනා කරයි.
කන්ටේනර් පිට කිරීමේ සිද්ධිය පාර්ලිමේන්තුවේද ඉන් පිටතද පසුගිය දිනවල දැඩි සාකච්ඡාවට ලක් කෙරිණ
කන්ටේනර් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්මේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාය
විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කෙරිණ
කාරක සභාව පිහිටවීමෙන් පසු එහි පළමු රැස්වීමේ දින සිට මාස තුනක් ඇතුළත වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

