
(සුජිත් හේවාජුලිගේ)
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඒ තුරෙයි රත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇත .
ඔහු මියගොස් ඇත්තේ කොවිඩ් ආසාදනය වී කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය .
තුරේරත්නසිංහම් මහතා කොවිඩ් ආසාදනය වීමෙන් මිය ගිය තෙවැනි මන්ත්‍රීවරයා ය . මෙයට පෙර කොවිඩ් ආසාදනය වීමෙන් හිටපු කතානායක වරයෙකු වූ විජමූ ලොකුබණ්ඩාර මහතා මිය ගියේය .
මිය යන විට අසූ වැනි වියේ පසුවූ තුරේ රත්නසිංහම් මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 2002වර්ෂයේ සිට 2010වර්ෂය දක්වා එම මන්ත්‍රී ධූරයේ කටයුතු කළේය .

