තරිඳු ජයවර්ධන
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් පානදුර පිහිටි හිටපු පොලිස්පතිවරයාගේ නිවසට ගොස් ප්‍රකාශය ලබා ගත් බව එම ආරංචි මාර්ග පවසයි.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යෑමෙන් පසු හිටපු ආරක්ෂක ප්‍රධානීන් අතර සිදුවීයැයි කියන පණිවිඩ හුවමාරුව ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතාගෙන් ප්‍රකාශ ලබා ගත්තේ එම දුරකතන පණිවුඩ හුවමාරුවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
කීත් නොයාර් මහතා පැහැර ගත් දින රාත්‍රී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ හිටපු පොලිස්පතිවරයා අතර දුරකතන පණිවුඩ හුවමාරුවක් සිදුවී ඇතැයි ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යනු ලැබුවේ 2008 මැයි 22 වැනි දා ය.