( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සන්ඩේ ලීඩර් පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) අතුරු නියෝගයක් නිකුත් කළේය.
හිටපු පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත් කළ අතර එය මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු නිකුත් කරනු ලැබ ඇත.
පෙත්සම ලබන ඔක්තෝබර් 8 වැනිදා යළි කැඳවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
හිටපු පොලිස්පතිවරයා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපොර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.
මෙම පෙත්සම ඊවා වනසුන්දර , ප‍්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.