හිටපු පොලිස් ලොක්කාගේ ඇප ඉල්ලීම ඉවතට


(දිලංගා ගෝමස්)

බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කලේ යැයි ලබන 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතාට ඇප ඉල්ලා මෝසමක් මගින් ඉදිරිපත් කරන ලද  ඇප ඉල්ලීම ගල්කිස්ස අතිරේක ‍ මහේස්ත්‍රාත් සංජය එල්.එම්.විජේසිංහ මහතා විසින් අද (30) ප්‍රතික්ෂේප කරන ලදී.

පසුගිය 29 වන දින අළුයම 1.20 ට පමණ බම්බලපිටිය දෙස සිට දෙහිවල දෙසට ධාවනය කරමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැදවූ කාර් රථය වැල්ලවත්ත මුහුදු මාවතේ මිරාජ් හෝටලය ඉදිරිපිට නවතා තිබූ වැගන්ආර් කාර් රථයක සහා නවතා තිබූ බස් රථයක ගට්ටනය කර අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිසිය විසින් සිදු කරන ලද බීමත් ශ්වසන පරීක්ෂණ පරික්ෂාවේ දී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බීමත්ව සිට ඇති බවට තහවුරු වී තිබුණි.