හිටපු පුරපතිට ජනපති සමාව
තායිපේ නුවර නිල චාරිකාවකට යන බව කියමින් බිරිය සමග සිංගප්පූරුවේ පෞද්ගලික චාරිකාවක යෙදෙමින් මහනුවර මහ නගර සභාවේ රුපියල් 185185.56 වංචා කළැයි කොළඹ මහේස්ත‍්‍රාත් උසාවියෙන් වැරැදිකරු වී මහාධිකරණයෙන් හා අභියාචනාධිකරණයෙන් ද එම තීන්දුව ද අනුමත වීමෙන් අනතුරුව ජනපති සමාව ලැබීම නිසා මහනුවර හිටපු පුරපති කේසරලාල් සේනානායක අද නිදහස ලැබීය.
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ඔහුට දෙලක්ෂයක දඩයක් ද මාස දොළහක සිර දඬුවමක් ද නියම කළේය. සිර දඬුවම වසර පහකට අත්හිටැවීය.

