ජනප්‍රිය ගායක රෑකාන්ත ගුණතිලක හා ඔහුගේ බිරිය චන්ද්‍රලේකාට වධ හිංසා කිරීම නිසා සිර භාරයට නියම වූ හිටපු ජනාධිපති ආරක්ෂකයෝ ජනපති සමාවෙන් අද නිදහස ලැබූහ.
එම පිරිසට නිදහස දෙන ලෙස රූකාන්ත ගුණතිලක ද ජනපතිට දන්වා තිබිණි.
2000 වසරේ ජනවාරි 24 වැනි දා රූකාන්ත චන්ද්‍රලේකා යුවළ පදිංචිව සිටි මත්තේගොඩ නිවසට ආයුධ සන්නද්ධව කඩා වැදුණු ජනපති ආරක්ෂක අංශයේ පිරිස ඔවුනට වධ හිංසා දුන් බව නඩුවේදී කියැවිණි.
දීර්ඝ කාලයක් පැවැති නඩු විභාගයෙන් පසු පසුගිය අගෝස්තු හතර වැනිදා පානදුර මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඔවුනට වසර හතර හමාර බැගින් සිර දඬුවම් නියම කළාය.
ඒ බන්දුල මධුෂාන් කුමාර , නිහාල් විජේසිරි , සරත් කුමාර රූපසිංහ, ආර්. බී කාරුණාසේන ජයලත් (සිවිල් සේවක), ලෙස්සි චන්ද්‍රසිරි, අතුල සේනාරත්න, , ආර් ධර්මසේන, බී ලලින්ද රාජරත්න, සම්පත් රණසිංහ, උපාලි ආරියදාස එම පිරිසය.

