මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති කේ.ජී.පියතිස්සට එරෙහිව පනවා තිබූ මරණ දඬුවම ඉවත් කළ අභියාචනාධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළේය.
2002 පෙබරවාරි 14 වැනිදා කපිල ප්‍රියන්ත වෙඩි තබා මරා දැමීයැයි කෑගලු මහාධිකරණය ඔහු වරදකරු කර 2013 ජූනි 5 වැනිදා මරණ දඬුවමට යටත් කළේය.
ඊට එරෙහිව ඔහු ඇපෑලක් ගත්තේය. පියතිස්ස සම්බන්ධයෙන් වූ සාක්කි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර නැතැයිද සාක්කි පරස්පර යැයිද තීන්දු කළ අභියාචනාධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළේය.

