හිටපු පකිස්ථාන මහකොමසාරිස් ඝාතනයට චෝදනා ලැබු අයෙක් නිදොස් කොට නිදහස්


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කොට හිටපු පාකිස්තානු මහ කොමසාරිස්වරයා ඝාතනය කිරීමට තැත් කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටි පුද්ගලයකු කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (5) නිදොස් කොට නිදහස් කළේය.

විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට තිබු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීරණය කළ විනිසුරුවරයා  අධිකරණයට දැනුම් දුන්නේය.

2006 අගොස්තු 14 වැනි දා හෝ ඊට ආසන්න දිනයක කොළඹ කොල්ලූපිටියේ දී හිටපු පාකිස්තානු මහ කොමසාරිස් බසීර් අලී මොහොමඞ් මහතා ඝාතනය කිරීම සඳහා ඔහු ගමන් ගත් මෝටර් රථයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත‍්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බවට නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව ත‍්‍රස්ත‍්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නඟා තිබිණි.