
(සුජිත් හේවාජුලිගේ )
හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ ශ්‍රී ලංකා මහ මහකොමසාරිස් ධුරය බාර නොගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .
කෙසේ වෙතත් ඔහු ජනතාවට සේවය කිරීමට හැකියාව ලැබෙන කිසියම් හෝ තනතුරක් ලැබුණහොත් බාරගැනීමට සූදානමින් සිටින බව ඒ මහතාට සම්බන්ධ ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම ඔහු නීතිඥවරයෙකු ලෙස නඩුවලට පෙනී සිටීමද දිගටම කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දප්පුල ද ලිවේරා මහතාට මහතා ට කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය පිරිනැමූ අවස්ථාවේ දී ද ප්‍රකාශ කළේ තමා මෙරට රැදී සිටිමින් ජනතාවට සේවය කිරීමට බලාපොරොත්තු වන බවයි.
ලිවේරා මහතා වසර දෙකකට අධික කාලයක් නීතිපති ධූරයේ කටයුතු කළේය .

