(ලසන්ත නිරෝෂණ පෙරේරා )
2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැලියක සැරසිලි කරමින් සිටියදි එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධ පරික්ෂණවලදි කහවත්ත පොලිසියට බලපෑම් කිරිමේ චෝදනාවට වරදකරු වී පස් අවුරුදු සිර දඩුවමක් නියව සිට සබරගමුව පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ රුපියල් තිස්දාහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැඟන්වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන මෙන් ද මහාධිකරණ ව්නිසුරුවරිය වැඩිදුරටත් නියෝග කළාය.
2023 ඔක්තෝබර් මස 26 වන දින අභිආයචනයට යටත්ව සිදු කරන ඇප අයදුම් පත සලකා බැලූ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය සැකකරු ඇප මත මුදා කිරිමට නියෝග කළාය.
රත්නපුර මහාධිකරණයේදී 2023.09.25 දින සුළු දඬුවම් සහිත වසර පහක සිර දඩුවමක් නියම කළ ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා එම සිර දඩුවම විදිමින් සිටියදි ඔහුගේ බිරිඳ නීතිඥ පණ්ඩුල වන්නිආරච්චි මහත්මි මගින් 2023 ඔක්තෝබර් මස 26 වන දින අභියාචනයට යටත්ව සිදු කරන ඇප අයදුම් පත සලකා බැලූ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය සැකකරු ඇප මත මුදා කිරිමට නියෝග කළාය.

