ජනපතිවරණ සමයේ කහවත්තේදී පොදු අපෙක්ෂක වේදිකාවට වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ලබන 30 තෙක් යළි රිමාන්ඩ් කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 6 දෙනකුද ලබන 30තෙක් රිමාන්ඩ් කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග කර ඇත.

