හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන රිය අනතුරක


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා ගමන් ගත් රිය අවිස්සාවේල්ල - කොළඹ මාර්ගයේ කොස්ගම ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

ගීතාජංන මහතාගේ රියේ ගැටුණු අනෙක් රියේ තිබී ගංජා කිලෝ හතරක් හමු වූ බව පොලිසි කියයි.එම රියේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු අත්අඩංගුට ගෙන ඇති අතර ඔවුන් අද අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.  

(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)