(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හොරණ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු සහ රියදුරෙකු හොරණ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට කඩා වැදි වාණිජ අංශයේ විදුලි අධිකාරීවරයාට පහරදී ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
පහර දීමට සම්බන්ධ හිටපු නාගරික මන්ත්‍රීවරයා සහ රියදුරා හොරණ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට අනුයුක්තව සේවය කරන්නන් බවත් මේ වන විට රියදුරා පමණක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
කම්බි මාර්ගකරු ලෙස කටයුතු කරන නාගරික මන්ත්‍රීවරයා ප්‍රදේශය හැර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
වාණිජ අංශයේ විදුලි අධිකාරි පී. චන්ද්‍රසිරි මහතා ක්ෂේත්‍ර පරීක්ෂාවක් සඳහා සේවකයන් කීපදෙනෙකු සමග පිටතට ගොස් යළි කාර්යාලයට පැමිණෙමින් සිටියදී කම්බි මාර්ගකරු ලෙස කටයුතු කරන හිටපු මන්ත්‍රීවරයා සහ රියදුරා තව පිරිසක් සමග සදයක් පවත්වමින් සිට ඇති අතර ඒහිදී සිදුවූ බහින්බස්වීමකින් පසු පහරදීම සිදුව ඇතැයි පොලීසිය කියයි.

