හිටපු නගරාධිපතිනියගේ ප්‍රකාශයකින් මහරගම නගර සභාව කල් දමයි


(  ශාන්ත ප්‍රදීප්  සහ සෝ විජේවර්ධන)

 මහරගම නගර සභාවට පිට පළාත්වලින්  බයිසිකලය සලකුණ යටතේ තේරීපත් වුණ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්, ඉකුත් මාස තුන තුළදී නගර සභාවෙන් ගෙවන දීමනාව ලබාගෙන ගෙදර යනවා මිස මහරගම ජනතාවට කිසිදු සේවයක් කර නැතැයි  හිටපු නගරාධිපතිනි  කාන්ති කොඩිකාර  මහත්මිය පැවසීමෙන්  අනතුරුව සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

මේ හේතුවෙන්  සභාවේ  විපක්ෂ මන්ත්‍රීවරු නැගිට යාමෙන් සභාව තාවකාලිකව අත්හිටුවීමට සිදු විය.

සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) මහරගම නගර සභාව පැවැත්විණි.
 

ඉකුත් 07 වැනිදා පැවැති සභාවාරය සඳහා  දැනුම් දීමකින් තොරව පාලක පක්ෂයෙන් පුරප්පාඩු වු නියෝජිතයින්  වෙනුවෙන් බාහිර කාන්තාවන් හය දෙනකු පත් කර එවීමෙන් ඇති වු තත්ත්වයට විරෝධය පළ කරමින්  විරෝධතා පුවරු රැගෙන මන්ත්‍රීවරු  විරෝධතාවකද නියැලුණහ.