හිටපු ධීවර නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රශ්න කරයි


මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට ලැබුණු ලක්ෂ 132 ක මුදලක් පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ධීවර නියෝජ්‍ය අැමැති සරත් කුමාර ගුණරත්න මහතාගෙන් පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් බව බරපතල වංචා දූෂණ හා බලය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව පවසයි.