(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජානාධිපතිවරු ඇතුළු ප්‍රභූවරු පාවිච්චි කරන ලද වෙඩි නොවදින වාහන අටක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ප්‍රදර්ශනය සඳහා ලබා දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
හිටපු ජනාධිපතිවරු භාවිත කළ මෙවැනි වෙඩි නොවදින වාහන අටක් මිට පෙර මුහුදේ ගිල්වා විනාශ කරනු ලැබීය.
මෙම අධි ආරක්ෂිත වාහන විනාශ කරනුයේ ඒවා නවීකරණය කර පාවිච්චියට ගත නොහැකි නිසාත් විකිණිමට හා පෞද්ගලික පරිහරණයට පවරා දිය නොහැකි නිසාත් යැයි ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කර ඇති කාර්ය සාධක වාර්තාවේ සඳහන් වේ.
මෙම ප්‍රභූ වාහන නැවත අදාල සමාගම්වලට දිය හැකි දැයි විමසන ලද බවත් නැව් ගාස්තු හා ප්‍රතිචක්‍රීකරණ වියදම් දරන්නේ නම් එමර ථ නැවත භාර ගත හැකි යැයි එම වාහන නැවත භාරගත හැකි යැයි එම සමාගම් දැනුම්දී ඇතැයිද එම වාර්තාවේ පෙන්වා දෙයි.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ භාවිත කෙරුණු වාහන 95 ක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන 16 කට බදු දී ඇතැයිද කාර්ය සාධන වාර්තාවේ දැක්වේ.