ශ්‍රීලනිපයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම් නොකිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
හිටපු ජනපතිට නාමයෝජනා ලබා නොදෙන බව ජනපති සිරිසේන ස්ථිරවම ප්‍රකාශ කළ බව ද ජනපතිගේ සමීපතමයෙක් ප්‍රකාශ කළේය.
අද මැදමුලනේ දී හිටපු ජනපති කළ ප්‍රකාශයේ දී ද තමා ඡන්දයට ඉදිරිපත් වන්නේ සන්ධානයෙන් බව නොකියැවිණි.
සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ද එහි නොගියේය.
හිටපු ජනපතිට සන්ධානයෙන් නාමයෝජනා නොදෙන්නැයි සිවිල් සංවිධාන ද, ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක් ද, ශ්‍රීලකිපයේ පිරිසක් ද ජනපති සිරිසේනගෙන් ඉල්ලීමක් කළේය.

