හිටපු ජනපතිගේ කාලයේත් ඇමැති මාරුවීම් වුණා - නවීන් දිසානායක


සුජිත් හේවාජුලිගේ 
 
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේත් සදාචාරසම්පන්න නොවන ඇමැති මාරුවීම් වුණු බව එතුමාට අමතකවීම පුදුමයක් යැයි වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවැසීය.
 

එතුමා විධායක බලතල පාවිච්චි කර එවැනි දේවල් කළ බවද දිසානායක මහතා කීය. දිසානායක මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (02) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
 
නවීන් දිසානායක මහතා  මෙසේද කීය.
 
‘‘අද සිද්ධ වුණු ඇමැති මණ්ඩල සංශෝධනය හොදයි.මට ඒ ගැන කිසිදු ගැටලුවක් නැහැ.මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අද මේ ගැන එක එක කතා කියගෙන යනවා.එතුමාගේ කාලයේ කොච්චර ඇමැති මණ්ඩල වෙනස්වීම් වුණද ?
 
මට මතකයි 2010 දී සංශෝධනයක් තිබුණා. 2013 දීත් සංශෝධනයක් කළ එතුමාට දැන් කියන්න බැහැ මේක විතරක් අමුතුයි කියලා. එතුමාගේ ජනාධිපති බලතල පාවිච්චි කළ ඇමැතිවරුන් එහාට මෙහාට කළා.
 
මට මතකයි 2010 ජනාධිපතිවරණයට පෙර සති දෙකකට ඉස්සල්ලා එතුමා ජොන්ස්ටන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂයෙන් අරගෙන ඇමැතිකමක් දුන්නා.ඒකත් සදාචාරසම්පන්න නැහැ.
 
2017 ජනාධිපතිවරණයේදී තිස්ස අත්තනායක කඩාගෙන එතුමාට සෞඛ්‍ය ඇමැතිකම දුන්නා.ඒකත් සදාචාරසම්පන්න නැහැ.කිසිම ජනාධිපතිවරයෙක් ඒ බලතල පාවිච්චි නොකර ඉදලා නැහැ.අවශ්‍ය වෙලාවන්හිදී ඇමතිකම් වෙනස්කම් කරලා තියෙනවා.සංශෝධන කරලා තියෙනවා.
 
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ට පොඩ්ඩක් අමතක වෙලා වගෙයි එතුමාගේ කාලයේ කරපු සංශෝධන.