හිටපු ජනපතිගේ කටඋත්තරය ගෙදරදී ගනී


කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලියා ගැනීමට බරපතල වංචා දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේ නිලධරයෝ අද (23) ඒ මහතාගේ මිරිහානේ නිවසට ගියහ.

කොමිසමේ නිලධරයෝ සිව්දෙනෙක්ද රාජපක්ෂ මහතාගේ නියෝජිතයන් දෙදෙනෙක්ද ඉදිරිපිට ඔහු සිය ප්‍රකාශය කරන බව දැනගන්නට ඇත.

අඩු ගණනේ පැය හතරක්වත් ඒ සඳහා ගත වෙතියි කොමිසමේ ආරංචි කියයි.