හිටපු ජනපතිගෙන් වදාකඩට ගෞරව



(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ලංකාදීප පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ අභාවප්‍රාප්ත වදාකඩ  නවරත්න මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ මීරිගම විජය රජදහනේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියේය. මෛත්‍රීපාල සිරිසේන මහතා දේහයට අවසන් ගෞරව දැක්වූ ආකාරය ඡායාරූපයේ දැක්වේ.

වදාකඩ නවරත්න මහතාගේ බිරිය, දරුවන් හා සහෝදර සහෝදරියන් ද හිටපු ජනාධිපතිවරයා සමග සිටිති.