ඩඩ්ලිව් ඒ පියතිලක,කරුණාරත්න ගමගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ මංගල්‍යයට අද පොළොන්නරුවේ දී එක් විය.
පොලොන්නරුව ගිරිතලේ ඥාණෝදයාරාමයේ විහාරාධිපති තලංපිටියේ විජිතවංශ හිමියෝ එම විහාරස්ථානයේ දී සුබ මොහොතින් හිටපු ජනපතිට ගිසතෙල් ගෑම සිදු කළහ.
හිටපු ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ සහ එස් එම් වන්ද්‍රසේන මහතාවරු ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.




