නාලක සංජීව දහනායක
ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (29) පස්වරුfවිදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසේදී පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍යධූරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායමේ 16 දෙනා සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවේදී ගනූ ලැබූ තීන්දු තීරණ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා විසින් එකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් දැනුවත් කිරීමට නියමිතය.
එමෙන්ම එම මන්ත්‍රී කණ්ඩායම ඒකාබද්ධ විපක්‍ෂයේ රැස්වීම් සඳහා සහභාගී කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රකාශකයකු ලංකාදීපයට පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ ඉල්ලීමක් මත හිටපු ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවට ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිඳු නියෝජිතයකු සහභාගී නොවූබවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.