( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු වී එයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට විදේශ ගතවීමට අවශ්‍ය අනුමැතිය දීමට වීසා බලපත්‍ර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ලබන 6 වැනි දා තෙක් අභියාචනාධිකරණය විසින් කල් ලබා දී තිබේ.
ලලිත් වීරතුංග මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (29) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී මෙම නියෝගය කරන ලදී.
අභියාචනාධිකරණය හමුවේ ලලිත් වීරතුංග මහතා ගොනු කළ පෙත්සමෙන් ඉල්ලා තිබණේ පෞද්ගලික සහ රාජකාරිමය කටයුතු සඳහා මේ මස 25 වැනි දා සිට අප්‍රේල් මස 30 වැනි දා දක්වා කාලසීමාව තුළ ඕස්ට්‍රේලියාවේ සහ කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට තමන්ට අවශ්‍ය ඇති බවයි.
එබැවින් දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසද එමගින් ඉල්ලා තිබිණි.
ඒ අනුව පෙත්සම ලබන 6 වැනි දා කැඳවන මෙන් නියම කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන් එදිනට අදාළ වීසා බලපත්‍ර අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් ද ලලිත් විරතුංග පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේය.
තමන්ට විදේශ ගතවීමට අවසර ලබාදෙන මෙන් ඉල්ලා මීට පෙර ලලිත් වීරතුංග මහතා විසින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළ අතර එය ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කර තිබු අතර එබැවින් ලලිත් වීරතුංග මහතා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
හිටපු ජනපති ලේකම්ට විසා ඉදිරිපත් කරන්න කල් දෙයි
Recommended Articles