බිමල් ශ්‍යාමන්
ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් ඒ.ස් ගුණරත්න හා හිටපු ප්‍රධාන ගණකාධිකාරී ඒ.එල්.ඩී ගුණරත්න මහත්වරුන් අද (25)අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සුඛෝපබෝගි වාහන අටක් මිල දී ගෙන රජයට මිලියන ගණනාවක අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුනට එරෙහි චෝදනාව වේ.

