මනෝප්‍රිය ගුණසේකර
පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වු චෝදනාවකට වරදකරු කොට සිරදඩුවම් නියම වී සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විදේශ ගත වීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් නිතිපතිවරයාගේ ස්ථාවරය ලබන 29 වැනි දා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධීකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.
පෞද්ගලික සංචාරයක සඳහා ඕස්ට්‍රේලියාවට ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පවත්වන වැඩමුළුවකට සහභාගී වීම සඳහා දෝහා කටාර් රාජ්‍යයට යාමට වීරතුංග මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

