( නාලක සංජීව දහනායක )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද ( 16) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත් විය.
ඒ මහතා දින හතරක කාලයක් සිංගප්පූරුවේ රැදී සිටින අතර එරට සිටින ශ්‍රී ලාංකිකයන් හමුවීමටද නියමිත බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රකාශයකු පැවසීය.
මෙම සංචාරය සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙන්න ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුවන් කිහිප දෙනෙක්ද සහභාගී වන බව ද හෙතෙම පැවසීය.
හිටපු ජනාධිපතිවරයා බ‍්‍රහස්පතින්දා (19) වැනිදා මෙරටට පැමිණීමට නියමිතව ඇත.