හිටපු ගුවන් හමුදාපති පරණ ගෙදරට යයි


ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්විමෙන් අනතුරුව  නව ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර්  චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරත විය.  

එහිදී  ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් ඔහු පිලිගත් අතර වර්ණ පක‍ෂාංගය මගින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදි.  

අනතුරුව ගුවන් හමුදාපතිවරයා,   ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී   කෝලිත ගුණතිලත මහතා සමග   සුහද කතාබහක නිරත වු  අතර දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුමවාරු කරගත්හ.

එහිදී ආර්කෂක මාණ්ඩලික ප්‍රධානීයා  ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයද හමුවිය.

 1 2 3