හිටපු ගුවන් භටයා මල් කැකුළක් තලයි


අකුරැස්ස තෙලිජ්ජවිල අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේදී විභාගය අවසන්වීමෙන් පසුව අවුරුදු දහයක දැරියක කෙළෙසීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ හිටපු සෙබළකු ද විභාග රාජකාරි කළ රජයේ සේවකයන් නව දෙනකු ද සැකපිට අත්අඩංගුවට ගත්බව අකුරැස්ස පොලිසිය පවසයි. උසස් පෙළ පොදු පරීක්ෂණය අවසානයේදී විභාග ශාලාධිපති ඇතුළු පිරිස මත්පැන් සාදයක් පවත්වා ඇතැයිද පාසල පවිත‍්‍ර කිරීම සඳහා සිය මව හා නැගණිය සමග ආ දැරිය එහි සෙල්ලම් කරමින් සිටියදී මත්පැන් සාදයට සහභාගි වූ බව කියන කොස්තාපල්ගේ සහෝදරයකු වන හිටපු ගුවන් භටයා  ඇය පන්ති කාමරයකට එක්කරගෙන ගොස් කෙලෙසා ඇතැයිද පැමිණිල්ලේ දැක්වේ. විභාග ශාලාධිපති හා පරීක්ෂකවරුන් සේ ක‍්‍රියා කළ ගුරුවරු තිදෙනෙක්, මුරකරු, කාර්යාල කාර්ය සහායකයෙක්, පොලිස් සැරයන් වරයෙක් හා කොස්තාපල්වරයෙක්ද අත්අඩංගුවට ගත් අය අතර වෙති.