හිටපු කොස්තාපල් හෙරොයින් සමඟ මාට්ටු


( පද්මසිරි ගාර්දියවසම්)

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු කතරගම නව නගරයේ හෝටලයක් තුල රැදී සිටියදී  අත් අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි .   

සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි . ඔහු කිරිබත්ගොඩ පොලිසියේ සේවය කරමින් සිටියදී නොදන්වා සේවයට නොපැමිණීම නිසා 2019 වසරේ වැඩ තහනමට ලක්වූ අයෙකු බව පොලිසිය පවසයි .