හිටපු කොමදෝරුගේ නඩුව කල් යයි



 
(නිමන්ති රණසිංහ)

කොටහේන ප්‍රදේශයේ පුද්ගලයන් 11 ක් පැහැර ගැනීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩි.පි දසනායක මහතා ඇතුළු නාවික නිලධාරින් 9 දෙනාගේ නඩුව ලබන 22 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (8) නියෝග කළාය. 

විමර්ශන සීඅයිඩියෙන් ඉවත්කරනවාද නැද්ද යන්න එදිනට ප්‍රකාශ කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.