හිටපු කොටියෙක් කුඩු එක්ක අහුවෙයි


මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නියුතුව සිටි හිටපු කොටි සාමාජිකයකු ඇතුළු දෙදෙනෙක් රුපියල් ලක්ෂ 3කට ආසන්න හෙරොයින් තොගයක් සමග අද (9) දෙමටගොඩදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා සතුව හෙරොයින් පැකට් 2ක් තිබී ඇති අතර මොවුන් කඳාන හා කිලිනොච්චි ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියති.

එක් සැකකරුවෙක් ජෝන් පීටර් නමින් වසර කිහිපයක් කොටි සංවිධානයේ සිටි අයකු බවත් බූස්ස නාවික හමුදා කඳවුරේ පුනරුත්ථාපනය ලබා ඇති බවත් පොලිසිය පවසයි.