(උපාලි ආනන්ද)
ත‍්‍රිකුණාමලය මොල්ලිපොතාන සේනවල්ලිකුලම් හිදි පොලිස් පරික්ෂවරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් හතර දෙනකුට ටී 56 ස්වයංක‍්‍රීය ගිනි අවි වලින් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොටි සංවිධානයේ හිටපු සාමාජිකයින් තිදෙනෙක් අද (31) අනුරාධපුර විශේෂ මහාධිකරණයේදී වදර පිළිගත්හ.
පසුව විත්තිකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුට පමණක් වසර 18 බැගින් වෙන් වෙන් වශයෙන් බරපතල වැඩසහිත සිර දඩුවම් නියම කෙරුණු අතර නියම කළ 18 වසරක සිර දඩුවම වසර තුනකින් එකවර ගෙවී යාමටද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා තවදුරටත් නියෝග කළේය.
එක් විත්තිකරුවෙකුගේ ඇගිලි සලකුනු සටහන් වාර්තා අධිකරණයට ලැබී නොතිබීම හේතුවෙන් ඔහුට දඩුවමි නියම කිරීම පසුවට කල් තබා එතෙක් ඔහු රිමාන්ඩ් බාරයට පත් කිරීමටද නියෝග කෙරිණි.
තවත් එක් විත්තිකරුවෙකු අතුරුදන්ව සිටින බැවින් නඩුව විභාග කළේ ඔහු නොමැතිවය.
මෙසේ දඩුවමි නියම වූයේ ලච්චමන් මොහාන් සහ කෘතිලිංගමි විජේ කුමාර් නමැති හිටපු කොටි සාමාජිකයින් දෙදෙනෙකුටය.

