හිටපු කොටි පිරිසක් නව පක්ෂයක් පිහිටුවති


(රොමේෂ් මධුෂංඛ)

පුනරුත්තාපන වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් දෙමළ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය නමින්  එළැඹෙන සියලු මැතිවරණ සඳහා  උතුරු නැනෙහිර පළාත්වලට ඉදිරිපත් වන බවට එම පක්ෂයේ සභාපති සුන්දරපිල්ලෙ සිවකුමාර් කියා සිටියේය. 


ඔහු මේ බව කියා සිටයේ හිටපු කොටි සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයක් වූ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය අතහැර දෙමළ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂය නමින් එළැඹෙන මැතිවරණ වෙනුවෙන් තරග වැදීම සම්බන්ධයෙන් සාකච්ඡාවන් කිහිපයක් කිලිනොච්චියේ දී පැවැති අවස්ථාවකදී ය.


නඩේසුපිල්ලේ විද්‍යාධරන් නැමති හිටපු කොටි සාමාජිකයාගේ සභාපතීත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයට විදෙස් රටවලින් ලැබුණු මුදල් හා අනෙකුත් අධාර පක්ෂයේ සහ පුනරුත්තාපනය වූ සාමාජිකයින්ගේ අභිවෘද්ධිය සඳහා යොමු නොකොට පෞද්ගලික අවහ්‍යතා සඳහා යෙදවීම හේතුවෙන් එම පක්ෂය අතහැර එහි සිටි බොහෝ සාමාජික පිරිසක් මෙසේ දෙමළ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂයට එකතු වූහ.