එල් ටී ටී කාන්තා බලකායේ නායිකාවක් ලෙස කලක් සේවය කළ තමලිනි සිවකාම් ජේ කුමාර් (43) මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) මිය ගිය බව පොලිසිය පවසයි.
අක්මාවේ පැවති දරුණු පිළිකාවකින් පිඩා විදි බව වෛද්‍යවරු පවසති. ඇය කිලිනොච්චි පරත්තන් ප්‍රදේශයේ
ස්ථිර පදිංචිකාරියකි. එංගලන්තයේ සිට පැමිණි බව කියන මහාදේවන් ජේ කුමාර් නැමැති අයෙක් අද පෙරවරු 9.30 ට මළ සිරුර රැගෙන ගිය බව පොලිස් ආරංචි කියයි.

