හිටපු කර්තෘ ජටිල වැල්ලබඩ සමුගනී


ලක්බිම සහ  ඉරුදින පුවත්පත්වල හිටපු කතුවරයෙකු වන ජටිල වැල්ලබඩ මහතා අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට 56 වියේ සිටි වැල්ලබඩ මහතා දෙදරු පියෙකි.

දිවයින පුවත් පතේ ක්‍රීඩා වාර්තාකරු ලෙසින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජටිල වැල්ලබඩ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

දිවයින පුවත්පත් නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන් උසස්වීමක් ලද වැල්ලබඩ මහතා පසුව ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ වශයෙන් පත්ව ගියේය. අනතුරුව   ඉරුදින පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා විය.

වැල්ලබඩ මහතා මියයන විට ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශයේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියේය.

වැල්ලබඩ මහතාගේ අවසන් කටයුතු, 23 වැනිදා (අඟහරුවාදා) පස්වරු 4.00 ට කැලණිය පිලපිටිය සුසාන භූමියේදී සිදු කෙරේ.