හිටපු කපිතාන් රිමාන්ඞ්


හිටපු හමුදාපති සරත් පොන්සේකා බාරව ගිය බන්ධනාගාර නිලධරයනට පසුගිය ජූලි 21 වැනි දා පහරදී රාජකාරිවලට බධා කළැයි හිටපු යුද හමුදා කපිතාන්වරයකු වන ගයාන් ප‍්‍රසාද් කුමාර විතානගේ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් ලබන 23 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. කිහිලිකරුවකින් ආ ඔහු පොන්සේකා යන එන තැන්වලට නිතරම ගිය බව ද වීඩියෝ කැමරාවක් ද  රැගෙන ඔහු සමීපවීමට තැත් කළ බව ද, සිරස වීඩියෝවකින් ඔහු හඳුනාගත් බව ද උසාවියේ දී කියැවිණි.