ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු කඩුලූ රකින ක‍්‍රීඩකයකු වන ගයි ද අල්විස් මහතා අභාවප‍්‍රාප්ත විය. අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට 52 වැනි වියේ පසුවිය.
නවසීලන්තයට එරෙහිව 1983 වසරේ ටෙස්ට් වරම් ලැබූ ගයි ද අල්විස් මහතා 1988 වසරේ ක‍්‍රීඩාවෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 11 කදී ලකුණු 152 ක් රැස්කර සිටියේය. ඒ මහතා එක්දින ජාත්‍යන්තර තරග 31 කදී ලකුණු 401 ක් රැස්කර තිබේ.
දක්‍ෂ කඩුලූ රකින්නකු වන ගයි ද අල්විස් මහතා ටෙස්ට් තරගවලදී උඩ පන්දු 21 සහ ස්ටම්ප් 2 ක් ද, එක්දින තරගවලදී උඩ පන්දු 27 ක් සහ ස්ටම්ප් 3 ක් ද, සමගින් දවාගැනීම් 53 කට හවුල්වී තිබේ.

