ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්කි දීම සඳහා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හා ලංකා පුවත්පතේ ප‍්‍රධාන කතෘ ප‍්‍රියන්ත කරුණාරත්න මහතාට මීළඟ නඩු විභාගයෙදී අධීකරණය හමුවේ පෙනි සිටින්නැයි සිතාසි නිකුත්කරන ලෙස නියෝග කළ හෝමාගම මහේස්ත‍්‍රාත් වයි. ආර්. බී. නෙළුන්දෙණිය මහතා අද (08) සාක්කියට නොපැමිණී හෝමාගම හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක චරිත් ජයසුන්දර මහතාට හෝමාගම සහකාර පොලිස් අධීකාරී හා පොලිස්පති මාර්ගයෙන් වරෙන්තු නිකුත්කරන ලෙසද නියෝග කළේය.
තම සැමියා සොයා දෙන්නැයි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙම අධිකරණයේදී පිහිට පතන්නීය.
විභාගය පෙබරවාරී 19 වැනිදාට කල් තැබිණි.

