හිටපු ඒඑස්පීටත් අධි චෝදනා


2008 අප්‍රේල් හය වැනි දා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසලදී බෝම්බ ගසා හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු 16 දෙනකු මරා දැමීමේ සිද්ධියේ අධිචෝදනා භාර දීම අද ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය ඉදිරියේ දී සිදු විය.

හිටපු සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ සහ සෙල්වරාජ් කිරුබාකරන් ත්‍රස්තවාදී කොට්ඨාසය භාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර තම්බයියා ප්‍රකාශ් රිමාන්ඩ් භාරයේ සිට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

තමන් නිවැරදිකරුවන්යැයි සියලු විත්තිකරුවෝ කීහ.

නඩුව නැවත කැඳවීම සැප්තැම්බර 15 වැනි දාට කල් තැබුණු අතර ලක්ෂ්මන්කුරේ සහ සෙල්වරාජ් කිරුබාකරන් තවදුරටත් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය භාරයේ තබන ලෙස නියෝග කැරිණි.