හිටපු ඉතාලි නායකයාට නඩු වැලක් By None // 2012 පෙබ 20 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලි හිටපු අග‍්‍රාමාත්‍ය සිල්වීයෝ බෙරුලූස්කෝනිට විරුද්ධව චෝදනා ගොන්නක් මත මිලානෝ නුවර අධිකරණයේ නඩු කිහිපයක් විභාග වෙයි. මොරොක්කෝ ජාතික බාලවයස්කාර (16) තරුණියක් සමග පැවැත් වූ අනියම් සම්බන්ධතාවය ඔහුට විරුද්ධව ඇති නඩු අතරේ ප‍්‍රධාන තැනක් ගනී. 2010 වසරේ එක්තරා දිනක රුබී නැමැති එම ලාබාල තරුණිය නීතිවිරෝධිව ඉතාලියේ රැඳීසිටීමේ චෝදනාව යටතේ මිලානෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අගමැති බොරුලූස්කෝනි පොලිසියට කතා කෙළේය. තරුණිය ඊජිප්තු ජනාධිපති මුඛාරක්ගේ නෑයකු බැවින් නිදහස් කරන ලෙස දැන්වීය. එහෙත් එය සාවද්‍ය ප‍්‍රකාශයක් බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය. රුබී හා හිටපු අග‍්‍රාමාත්‍ය වරයා අතර තිබු සම්බන්ධතාවය සොයාගෙන එම කරුණු ද අධිකරණයට ඉදිරිපත් කෙළේය. මේ අතර බෙරුලූස්කෝනිට අයත් මීඩියා සෙට් රූපවාහිනි මාධ්‍ය ජාලයේ (රූපවාහිනි නාලිකා කිහිපයක හිමිකරුවෙකි) ඇතැම් විකාශන අයිතිය වෙනත් මාධ්‍ය ආයතනයකට විකිණීමෙන් ලත් යුරෝ ලක්‍ෂ 2200ක් හෙවත් රුපියල් කෝටි 3300ක මුදලින් රජයට අයවිය යුතු බදු නොගෙවා එය පැහැරහැරීමේ චෝදනාව යටතේ ද ඔහුට එරෙහිව නඩුවක් විභාග වෙයි. තවද ඔහුට විරුද්ධ නඩුවකට බොරු සාක්කි දුන් බව කියා එංගලන්ත ජාතික නීතිඥයකු වන ඬේවිඞ් මිල්ස්ට යුරෝ ලක්‍ෂ හයක අල්ලසක් බෙරුලූස්කෝනි විසින් දී ඇත. පසුගිය දා අධිකරණය හමුවේ පෙනී සිටි ඬේවිඞ් මිල්ස් තමාට එවැනි මුදලක් ඉතාලියේ හිටපු අග‍්‍රාමාත්‍යවරයා දුන් බව පිළිගත්තේය. යුරෝපයේ ප‍්‍රධාන ධනවතකු වන 75 හැවිරිදි බෙරුලූස්කෝනි තම බිරියගෙන් ද නීත්‍යානුකූලව වෙන්ව සිටී. මේ කෝටිපති දේශපාලනඥයාට කවර දඬුවමක් දෙනු ඇත්දැයි ඉතාලියම බලා සිටී. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත