ජිනිවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වශයෙන් තමන් පත් කරන්නැයි ඉල්ලා හිටපු දේශපාලඥයකු රජයෙන් කළ ඉල්ලීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
කලක් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වි සිටි මොහු ඉන්පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට සහාය දක්වමින් දේශපාලන කටයුතු වල නිරතව සිටියේය. අවසාන වරට පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදුණු ඔහු පරාජය වූ බව දේශපාලන ආරංචි කියයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූ විගස ව්‍යාපාරික පිරිසක් ද රැගෙන ජනාධීපතිවරයා හමුවීමට ද උත්සහ දැරු අතර එය ද අසාර්ථක විය.

