හිටපු ඇමැතිනි විජයකලා මාසයකට පමණ පසු මැතිසබයට


(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගෙන ආ යුතු බවට ප්‍රකාශ කළ හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය ඒ ප්‍රකාශය කර මාසයකට පමණ කාලයකට පසුව මුල්ම වතාවට මැතිසබයට අද (7) පැමිණියාය.

මැතිසබයට පැමිණි  මහේෂ්වරන් මහත්මිය පිටුපස ආසනයක සිනා මුසු මුහුණින් රැඳී සිටිනු දක්නට ලැබීණි.

ඇතැම් අවස්ථාවලදී ඇය ඉදිරිපෙළ අසුන්වල අසුන්ගෙන සිටි ඇතැම් මැති ඇමැතිවරුන් වෙත ගොස් ඔවුන් සමඟ සුහද කතා බහක යෙදී සිටියාය.විජයකලා මහේෂ්වරන් මහත්මිය පැයක පමණ කාලයක් සභාවේ රැඳී සිට සභාවෙන් පිටව ගියාය.