හිටපු වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයකු වූ කේ.වේලායුදම් මහතා අද (13) ඉන්දියාවේ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
දින 100 එජාප ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ධූරය හිමිකරගත් වේලායුදම් මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් ලැබුණේ හරීන් ප්‍රනාන්දු මහතා ඌව මහ ඇමැති අපේක්ෂකයා ලෙස තරගවැදීමට ඉවත්වීම නිසාය.
2015 වසරේ මහ මැතිවරණයට ඉදිරිපත් නොවූ ඒ මහතා එජාප ජාතික ලැයිස්තුවෙන් නම් කර සිටියද පාර්ලිමේන්තු වරම් හිමිකර ගැනීමට නොහැකි විය.
මිය යන විට 65 වැනි වියේ පසුවූ ඒ මහතා ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ලෙසද කටයුතු කළේය.

