හිටපු ඇමැති වෙල්ගමගේ ඉල්ලීම ඉවතට



 

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරන ලද නඩුවෙන් නිදහස් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (30) නියෝග කළේය.

ගමනාගමන මණ්ඩලයට නියෝජ්‍ය සභාපතිවරයකු පත් කොට ඔහුට වැටුප් ගෙවීමෙන් රජයට රුපියල් ලක්ෂ 32 ක පාඩුවක් සිදුකළ බවට ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ. 

හිටපු ඇමැති වෙල්ගම මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර ලබා දෙමින් මහේස්ත්‍රාත් දුන් නියෝගය ප්‍රතිසංශෝධනය කරමින් එම නියෝගය අත්හිටුවේය.