හිටපු ඇමැති විජයදාසත් ජනපති ලේකම් කාර්යාලයට


(තරිදු ජයවර්ධන)

අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සහභාගී වීම සඳහා හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ද කොළඹ ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.

රාජපක්ෂ මහතා අධිකරණ ඇමැති ලෙස කටයුතු කරමින් සිටිය දී ඇමැතිකමින් ඉවත්  කෙරිණි.

පෙරවරු 10.30ට කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතයි.