(නිමන්ති රණසිංහ)
අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්කි ලබාදීමට හිටපු ඇමැති රවී කරුණානායක මහතාට අපේ‍්‍රල් 23 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය අද (9) නියෝගයක් නිකුත් කළාය.
ආනයනික සුදු කැකුලූ සහල් විකිණීමේ කි‍්‍රයාවලියේ දී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙට්ටි‍්‍රක් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 4ක් රජයට පාඩු කළැයි එවකට සතොස වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාට එරෙහි අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කැරිණි.
ඒ අනුව අද (9) අධිකරණයේ පෙනී සිටින ලෙසට හිටපු අමාත්‍යවරයාට සිතාසි නිකුත් වී තිබූ අතර, පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වීමට ඇති බැවින් අධිකරණයට ඉදිරිපත් වීමට නොහැකි බවට ඔහුගේ නීතීඥවරයා අධිකරණයට සඳහන් කරනු ලැබීය.