(නිමන්ති රණසිංහ)
ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම මගින් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ගණකාධිකාරීවරයා වෙත රුපියල් මිලියන පහක මුදලක් ලබා දුන් බව පර්පචුවෙල් සමාමේ මුල්‍ය ගනුදෙනු කළ තැනැත්තකු සාක්කි ලබාදෙමින් පවසා ඇතැයි සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අද අධිකරණයට සඳහන් කළේය.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ පැවැති පර්පචුවෙල් ටෙෂරීස් සම්බන්ධයෙන් නඩුව කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
2017 වසරේදී ජනාධිපති කොමිසම පැවැතුණු කාල වකවානුවේදී මෙම මුදල් ලබා දුන් බවට පර්පච්‍රෙවල් ටෙෂරීස් සමාගම වෙනුවෙන් මූල්‍ය ගනු සිදු කළ තර්ටීස් ලංකා සිකියුරි ලංකා සමාගමේ නියෝජිත සුසිල් ඇන්ඩ්‍රසන් නැමැති අය මෙම සාක්කි ලබා දී ඇතැයි සොලිසර් ජනරාල්වරයා සඳහන් කළේය.
එසේම ඔහු එම මුදල් රවිකරුණානායක මහතාගේ ගණකාධිකාරීවරයා වන සින්නයියා මහතා වෙත ලබා දී ඇතැයිද සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.