හිටපු ඇමැති ප්‍රියංකරගේ නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බරයේ



 
 
නිමන්ති රණසිංහ
 
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සිවිල් හා ගුවන් සේවා අමාත්‍යවරයාව සිටි සමයේ සිය පෞද්ගලික ලේකම්වරයාට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ තනතුරක් ඇති කරමින් ඒ සඳහා පත්කර අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදු කළැයි කියන නඩුවේ වැඩිදුර විභාගය ලබන සැප්තැම්බර් 11 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
 
එසේම එම තනතුර බාර ගත්තේ යැයි හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වු බාල මානගේ දයාවංශ යන අය මෙහි දෙවැනි චූදිතයා වේ.
 
නඩුවේ පළමු සාක්කිකරු වු හිටපු සිවිල් ඉංජිනේරු අබේවික්‍රම වික්‍රමසිංහ යන අය අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඔහුට වරෙන්තු නිකුත් කීරිම ද සිදුවිය.